ඉංධන පිරවුම් හල් වල සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් පාරිභෝගික පැමිණිලි පිළිඹඳ ප්‍රවෘත්ති නිවේදනය
බ්‍රහස්පතින්දා, 13 ඔක්තෝබර් 2022 |

2022 ඔක්තෝබර් 13

ප්‍රවෘත්ති නිවේදනය

  • පිරවුම්හල්වල අක්‍රමිකතා පිළිබද පාරිභෝගික පැමිණිලි 200ක්
  • සිය පිරවුම් හල් වල ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට අයි ඔ් සී සමාගම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමග එකග වෙයි

ඉංධන පිරවුම් හල් වල සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් පාරිභෝගික පැමිණිලි ඉහල යමින් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනාවරණ කළේ ය. 2021 වසරේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කල ඛණිජතෙල් පාරිභෝගික පැමිණිලි විසදීමේ යාන්ත්‍රණයට අනුකූලව මෙම පැමිණිලි විසදීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ති‌බේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් පලකල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා.

“ඛණිජතෙල් පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් ප්‍රකාශයක් සහ ඒ් පාරිභෝගික පැමිණිලි විසදීමේ පටිපාටියක් සදහා අපි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගත්තේ 2021 වසරේදී. මෙම පටිපාටි යටතේ ඛණිජතෙල් පාරිභෝගික පැමිණිලි විසදීම සදහා අපි මේ වන විට පියවර ගෙන තිබේ. මෙම පැමිණිලි සදහා ක්‍රියාමාර්ග ගැනීමේදී අපට බලශක්ති අමාත්‍යංශය, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සහ කර්මාන්ත තාක්ෂණික ආයතනය සහාය ලබාදෙනවා. අපේ අරමුණු පිරවුම්හල් වල අක්‍රමිකතා ඉවත්කරලා නිසි ප්‍රමාණයට නිසි ප්‍රමිතියට පාරිභෝගිකයාට ඉංධන ලබාදීම සහතික කිරීම. මේ වැඩපිළිවෙල මේ වන විට සාර්ථක බව කිව යුතු යි. පාරිභෝගික පැමිණිලි මත අපි පරීක්ෂා කල ඉංධන පිරවුම් හල් වලින් ඉංධන තොග සගවා ගැනීම සහ අඩුවෙන් ඉංධන නිකුත් කිරීම වැනි අක්‍රමිකතා හෙලි වුණා. ලංකා අයි ඔ් සී සමාගම සිය ඉංධන පිරවුම් හල් වල සිදුවන අක්‍රමිකතා ඉවත් කිරීමට පියවර ගන්නා බවට ඊයේ අප සමග පැවති සාකච්ඡාවේ  දි පොරොන්දු වුණා. ලංකා අයි ඔ් සී සමාගම ඔවුන්ට අයත් සියළුම ඉංධන පිරවුම් හල් වල අක්‍රමිකතා සති දෙකක් තුලදී ඉවත් කරන බවට සහතික වී තිබෙනවා. මේ ආකාරයටම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉංධන පිරවුම් හල් වල අක්‍රමිකතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සදහා ඔවුන්ට ආරාධනා කළා. නමුත් ඒ සඳහා ඔවුන් සාධනීය ප්‍රතිචාරයක් ලබා දී නොමැත​.ඛණිජ තෙල් පාරිභෝගිකයාට නිසි ප්‍රමිතියකින් යුත් ඉංධන නිසි ප්‍රමාණයට ලබාදීම සහතික කිරීම සදහා අපි සියළු පාර්ශ්වයන් අතර එකගතාවයක් ඇති කර ගත යුතු ය. ඒවැනි ක්‍රියාමාර්ගයක් තුලින් පමණයි ඛනිජ තෙල් පාරිභෝගිකයාට කඩිනමින් සාධාරණයක් කල හැක්කේ”

ඛණිජ තෙල් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා ව සම්බන්ධයෙන් ඉදිරි පියවර පිළිබද අදහස් දැක්වු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා.

“අපේ කඩිනම් ඉලක්කය ඉංධන අලෙවියේදී පාරිභෝගිකයාට නිසි ප්‍රමාණය ලැබෙන බව සහතික කිරීම. ඒ වගේම තෙල් තොග සගවා ගැනීමට නැවත්වීම. ඉන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා ඉංධන ප්‍රමිතිය නිසි පරිදි පවතින බව තහවුරු කර ගැනීම. මේ වන විට ඉංධන සාම්පල 20ක් පමණ පරීක්ෂාව සදහා කර්මාන්ත තාක්ෂණ ආයතනයට බාර දී තිබෙනවා. සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉංධන පිරවුම් හල 60ක නියැදියක් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ. අපි සියළුම ආයතන වල සහාය ඇතිවයි මේ කටයුතු කරන්නේ. ලංකා අයි ඒ් සී සමාගම සිය ඉංධන පිරිවුම් හල වල ප්‍රමිතිය වැඩිදියුණුකරන්නට පියවර ගත් ආකාරයටම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඉදිරියේදී පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

 

ජනක රත්නායක

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

ප්‍රවෘත්ති නිවේදනය භාගත කරගැනීමට මෙතැනින් පිවිසෙන්න