තොරතුරු ලබාගැනීමේ පටිපාටිය
බදාදා, 6 පෙබරවාරි 2019 |

තොරතුරු ලබා ගැනීමට ලිඛිත ඍඔෂ 01 අයදුම්පත‍්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.

  1. ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුව ද දින 14ක් තුළ දන්වනු ලැබේ.
  2. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත. තොරතුරු ලබා ගැනීමට ගෙවීමක් කළ යුතු නම් එ් අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත.
  3. ගාස්තු ගෙවීමෙන් පසු දින 14ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.
  4. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප‍්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48ක් තුල සිදු කරනු ඇත.
  5. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,සග තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප‍්‍රතික්ෂේප කිරීම,
    සසග පනතේ 5 වැනි වගන්තිය යටතේ ප‍්‍රදානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප‍්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම, සසසග පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම,
    සඩග සම්පූර්ණ නොවූ, නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ප‍්‍රදානය කිරීම,
  6. ඩග වැඩිපුර ගාස්තු අයකිරීම,
    ඩසග ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප‍්‍රතික්ෂේප කිරීම,
    ඩසසග එම තොරතුරු වෙත එම පුරවැසියා ප‍්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘතිකර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම.
    මත අතෘප්තියට පත්වන්නේ නම් පහත සඳහන් නම් කළ නිලධාරියා වෙත දින 14ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න.
    නම් කළ නිලධාරියා, නම ථ දමිත කුමාරසිංහ මයා තනතුර ථ අධ්‍යක්ෂ ජනරාල් ලිපිනය ථ ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (ඡුඹක්‍ීඛ*, 6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, අංක 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 3. දුරකථන ථ 011-2392606-8 ෑංඑග 103 විද්‍යුත් තැපෑල ථ ා්පසඑය්?චමජිකගටදඩගකන
  7. මෙම නිවේදනයේ 6 වන වගන්තිය පරිදි අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී පහත දැක්වෙන ඍඔෂ 10 දරන අයදුම්පත පුරවා ඉදිරිපත් කරන්න. ඍඔෂ 10 දරන අයදුම්පත පිරවීම අනිවාර්යය නොවේ. තොරතුරු ඉල්ලා සිටින්නාට ඍඔෂ 10 අයදුම්පත‍්‍රයේ ස`දහන් අභියාචනය විභාග කිරීමට අවශ්‍ය මූලික තොරතුරු ස`දහන් කරමින් ලිපියක් මගින් අභියාචනය ඉදිරිපත් කළ හැකිය.