පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වු විදුලි බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් (පෝෂක අයක්‍රමය) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පනවන ලද කොන්දේසි වලට යටත් ව නව පෝෂක ගාස්තු 2026 අගෝස්තු 25 වැනි දින (හෙට) සිට බලාත්මක වේ. මෙම පෝෂක ගාස්තු 2027 පෙබරවාරි 24 වන දින දක්වා වලංගු වේ. 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 29 (3) උප වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පෝෂක අයක්රමයට අදාල ක්‍රමවේදය(මිල සුත්‍රය) සහ මිල ගණන් තීරණය කර තිබේ. අදාල මිල සුත්‍රය සහ මිල ගණන් තීරණය කිරීමේදී 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ මහජන උපදේශන මාලාවක් පවත්වන ලදී. එම උපදේශන වලදී ඉදිරිපත් වු සාධනීය යෝජනා හා පිරිවැය දත්ත මත පදනම් ව රජයේ ප්‍රතිපත්ති සහ අදාල වන නීතිමය ප්‍රතිපාදන වලට අනුකූලව මිල සුත්‍රය සහ මිල ගණන් තීරණය කර ඇත.
ප්‍රනර්ජනනීය විදුලි ජනනයේ ස්වභාවය මත කාණ්ඩ 3ක් යටතේ නව පෝෂක අයක්‍රමය ප්‍රකාශයට පත් කර තිබේ. එම කාණ්ඩ සදහා අදාල වන පෝෂක අයක්‍රම පහත දැක්වේ.
| Type of Power Plant
බලාගාර වර්ගය |
Feed in Tariff Components (LKR/kWh)
පෝෂක අයක්‍රම කොටස් (කිලෝ වොට් පැය 1ට රු) |
||
| Non-escalable component*
ක්‍රමයෙන් වැඩි නොවන වියදම් කොටස |
Escalable components
ක්‍රමයෙන් වැඩි වන වියදම් කොටස් |
||
| Base O&M componentමුලික මෙහෙයුම් හා නඩත්තු වියදම් කොටස |
Fuel Price component for year 2026
2026 සදහා ඉංධන මිල කොටස |
||
| Mini hydro කුඩා ජල විදුලි බලාගාර | 30.37 | 4.50 | – |
| Wind සුළං බලාගාර | 20.80 | 4.93 | – |
| Biomass – Dendro ජෛව ස්කන්ධ-ඩෙන්ඩ්‍රො | 16.43 | 3.89 | 31.20 |
| Biomass – Agricultural/Industrial Waste ජෛව ස්කන්ධ-කෘෂි/කර්මාන්ත්ර අපද්‍රව්‍ය | 14.29 | 3.39 | 17.80 |
| Municipal Solid Waste-නාගරික ඝන අපද්‍රව්‍ය | 41.72 | 14.83 | – |
| Waste Heat Recovery අපද්‍රව්‍ය තාපය මත පදනම් | 14.29 | 3.39 | – |
| Ground Mounted Solar PV භුමිය මත සවිකරන සුර්ය බලාගාර | 18.00 | 2.72 | – |
| Floating Solar PV පාවෙන සුර්ය බලාගාර | 23.58 | 3.92 | – |
| Capacity Band
ධාරිතාවය |
Prosumer Applicant Type
නව නිෂ්පාරිභෝගික වර්ගය |
Feed-in Tariff (LKR/kWh)
පෝෂක අයක්‍රමය(කිලෝ වොට් පැය 1ට රු) |
||
| At Prioritized Feed-in Time
ප්‍රමුඛතා පෝෂක කාලය සදහා |
At Other Periods
අනෙකුත් කාලයන් සදහා |
|||
| Up to 10kW
කිලෝ වොට් 10 දක්වා |
New Rooftop Solar PV
වහල මත සවිකරන නව සුර්ය බලාගාර සදහා |
23.11 | ||
| Above 10kW and up to 40kW
කිලෝ වොට් 10ට වැඩි කිලෝ වොට් 40 දක්වා |
New Rooftop Solar PV
වහල මත සවිකරන නව සුර්ය බලාගාර සදහා |
19.15 | ||
| Above 40kW and up to 250kW
කිලෝ වොට් 40ට වැඩි කිලෝ වොට් 250 දක්වා |
New Rooftop Solar PV
වහල මත සවිකරන නව සුර්ය බලාගාර සදහා |
17.11 | ||
| Above 250kW and up to 1000kW
කිලෝ වොට් 250ට වැඩි කිලෝ වොට් 1000 දක්වා |
New Rooftop Solar PV
වහල මත සවිකරන නව සුර්ය බලාගාර සදහා |
15.81 | ||
| New Rooftop Solar PV and BESS
වහල මත සවිකරන නව සුර්ය බලාගාර සහ බැටරි ගබඩා පද්ධති සදහා |
For first 15 years
මුල් වසර 15 සදහා |
45.53 | 15.81 | |
| For remainder of the SPPA period
සම්මත විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම් වල ඉතිරි කාලය සදහා |
15.81 | |||
| Existing Rooftop Solar PV prosumer applying for BESS
බැටරි ගබඩා පද්ධති සවිකිරීම සදහා අයදුම්කරන දැනටමත් වහල මත සවිකල සුර්ය බල පද්ධති හිමිකරුවන් සදහා |
For first 15 years
මුල් වසර 15 සදහා |
33.51 + (R1//0.95) | R1/ | |
| For remainder of the SPPA period
සම්මත විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම් වල ඉතිරි කාලය සදහා |
R1/ | |||
| Above 1000kW
කිලෝ වොට් 1000 වැඩි |
New Rooftop Solar PV
වහල මත සවිකරන නව සුර්ය බල පද්ධති සදහා |
15.81 | ||
| New Rooftop Solar PV and BESS වහල මත සවිකරන නව සුර්ය බලාගාර සහ බැටරි ගබඩා පද්ධති සදහා | For first 15 years
මුල් වසර 15 සදහා |
42.49 | 15.81 | |
| For remainder of the SPPA period
සම්මත විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම් වල ඉතිරි කාලය සදහා |
15.81 | |||
| Existing Rooftop Solar PV prosumer applying for BESS
නව බැටරි ගබඩා පද්ධති සදහා අයදුම්කරන දැනටමත් වහල මත සවිකල සුර්ය බල පද්ධති සදහා |
For first 15 years
මුල් වසර 15 සදහා |
30.27 + (R1//0.95) | R1/ | |
| For remainder of the SPPA period
සම්මත විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම් වල ඉතිරි කාලය සදහා |
R1/ | |||
Type of Power Plantබලාගාර වර්ගය |
Feed in Tariff (LKR/kWh) කිලෝ වොට් පැය 1ට රුපියල් |
|||
At Prioritized Feed In Tariffප්‍රමුඛතා කාල පෝෂක ගාස්තුව |
At Other Periodsසාමාන්‍ය කාල ගාස්තුව |
|||
Non Escalable Componentක්‍රමයෙන් ඉහල නොයන කොටස |
Escalable O&M Componentක්‍රමයෙන් ඉහල යන මෙහෙයුම් හා නඩත්තු කොටස
|
Non Escalable Componentක්‍රමයෙන් ඉහල නොයන කොටස |
Escalable O&M Componentක්‍රමයෙන් ඉහල යන මෙහෙයුම් හා නඩත්තු කොටස |
|
Ground Mounted Solar PVභූමිය මත සවිකරන සුර්ය බල පද්ධති |
47.08 |
3.02 |
18.00 |
2.72 |
Floating Solar PVපාවෙන සුර්ය බල පද්ධති |
53.28 |
4.36 |
23.58 |
3.92 |
තවද, 2027 පළමු කාර්තුවේ දී ඇති විය හැකි විදුලි හිඟය වැළැක්වීම සදහා NSO විසින් ප්‍රමාණවත් විදුලි ගබඩා පද්ධති හා පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් විදුලි ජාලයට සම්බන්ධ කල යූතු බවට කොන්දේසියක් ද පනවා ඇත.
වැඩිදුර තොරතුරු සඳහා, ආයතනික සන්නිවේදන අධ්යක්ෂ – ජයනාත් හේරත් මහතා 077 294 3193 අමතන්න.