ප්‍රවෘත්ති නිවේදනය
Mon, 24 Aug 2026 |

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වු විදුලි බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් (පෝෂක අයක්‍රමය) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පනවන ලද කොන්දේසි වලට යටත් ව නව පෝෂක ගාස්තු 2026 අගෝස්තු 25 වැනි දින (හෙට) සිට බලාත්මක වේ. මෙම පෝෂක ගාස්තු 2027 පෙබරවාරි 24 වන දින දක්වා වලංගු වේ. 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 29 (3) උප වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පෝෂක අයක්‍රමයට අදාල ක්‍රමවේදය(මිල සුත්‍රය) සහ මිල ගණන් තීරණය කර තිබේ. අදාල මිල සුත්‍රය සහ මිල ගණන් තීරණය කිරීමේදී 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ මහජන උපදේශන මාලාවක් පවත්වන ලදී. එම උපදේශන වලදී ඉදිරිපත් වු සාධනීය යෝජනා හා පිරිවැය දත්ත මත පදනම් ව රජයේ ප්‍රතිපත්ති සහ අදාල වන නීතිමය ප්‍රතිපාදන වලට අනුකූලව මිල සුත්‍රය සහ මිල ගණන් තීරණය කර ඇත.

ප්‍රනර්ජනනීය විදුලි ජනනයේ ස්වභාවය මත කාණ්ඩ 3ක් යටතේ නව පෝෂක අයක්‍රමය ප්‍රකාශයට පත් කර තිබේ. එම කාණ්ඩ සදහා අදාල වන පෝෂක අයක්‍රම පහත දැක්වේ.

 

1.     පුනර්ජනනීය විදුලි බලාගාර සදහා පෝෂක අයක්‍රමය

Type of Power Plant

බලාගාර වර්ගය

Feed in Tariff Components (LKR/kWh)

පෝෂක අයක්‍රම කොටස් (කිලෝ වොට් පැය 1ට රු)

Non-escalable component*

ක්‍රමයෙන් වැඩි නොවන වියදම් කොටස

Escalable components

ක්‍රමයෙන් වැඩි වන වියදම් කොටස්

Base O&M
componentමුලික මෙහෙයුම් හා නඩත්තු වියදම් කොටස
Fuel Price component for year 2026

2026 සදහා ඉංධන මිල කොටස

Mini hydro කුඩා ජල විදුලි බලාගාර  30.37  4.50  –  
Wind සුළං බලාගාර  20.80  4.93  –  
Biomass – Dendro ජෛව ස්කන්ධ-ඩෙන්ඩ්‍රො  16.43  3.89  31.20
Biomass – Agricultural/Industrial Waste ජෛව ස්කන්ධ-කෘෂි/කර්මාන්ත්‍ර අපද්‍රව්‍ය  14.29  3.39  17.80
Municipal Solid Waste-නාගරික ඝන අපද්‍රව්‍ය  41.72  14.83  –  
Waste Heat Recovery අපද්‍රව්‍ය තාපය මත පදනම්  14.29  3.39  –  
Ground Mounted Solar PV භුමිය මත සවිකරන සුර්ය බලාගාර  18.00  2.72  –  
Floating Solar PV පාවෙන සුර්ය බලාගාර  23.58  3.92  –  

 

 

2.     විදුලි නිෂ්පාරිභෝගිකයින් සදහා පෝෂක ගාස්තු ක්‍රම

Capacity Band

ධාරිතාවය

Prosumer Applicant Type

නව නිෂ්පාරිභෝගික වර්ගය

Feed-in Tariff (LKR/kWh)

පෝෂක අයක්‍රමය(කිලෝ වොට් පැය 1ට රු)

At Prioritized Feed-in Time

ප්‍රමුඛතා පෝෂක කාලය සදහා

At Other Periods

අනෙකුත් කාලයන් සදහා

Up to 10kW

කිලෝ වොට් 10 දක්වා

New Rooftop Solar PV

වහල මත සවිකරන නව සුර්ය බලාගාර සදහා

23.11
Above 10kW and up to 40kW

කිලෝ වොට් 10ට වැඩි කිලෝ වොට් 40 දක්වා

New Rooftop Solar PV

වහල මත සවිකරන නව සුර්ය බලාගාර සදහා

19.15
Above 40kW and up to 250kW

කිලෝ වොට් 40ට වැඩි කිලෝ වොට් 250 දක්වා

New Rooftop Solar PV

වහල මත සවිකරන නව සුර්ය බලාගාර සදහා

17.11
Above 250kW and up to 1000kW

කිලෝ වොට් 250ට වැඩි කිලෝ වොට් 1000 දක්වා

New Rooftop Solar PV

වහල මත සවිකරන නව සුර්ය බලාගාර සදහා

15.81
New Rooftop Solar PV and BESS

වහල මත සවිකරන නව සුර්ය බලාගාර සහ බැටරි ගබඩා පද්ධති සදහා

For first 15 years

මුල් වසර 15 සදහා

45.53 15.81
For remainder of the SPPA period

සම්මත විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම් වල ඉතිරි කාලය සදහා

15.81
Existing Rooftop Solar PV prosumer applying for BESS

බැටරි ගබඩා පද්ධති සවිකිරීම සදහා අයදුම්කරන දැනටමත් වහල මත සවිකල සුර්ය බල පද්ධති හිමිකරුවන් සදහා

For first 15 years

මුල් වසර 15 සදහා

33.51 + (R1//0.95) R1/
For remainder of the SPPA period

සම්මත විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම් වල ඉතිරි කාලය සදහා

R1/
Above 1000kW

කිලෝ වොට් 1000 වැඩි

New Rooftop Solar PV

වහල මත සවිකරන නව සුර්ය බල පද්ධති සදහා

15.81
New Rooftop Solar PV and BESS වහල මත සවිකරන නව සුර්ය බලාගාර සහ බැටරි ගබඩා පද්ධති සදහා For first 15 years

මුල් වසර 15 සදහා

42.49 15.81
For remainder of the SPPA period

සම්මත විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම් වල ඉතිරි කාලය සදහා

15.81
Existing Rooftop Solar PV prosumer applying for BESS

නව බැටරි ගබඩා පද්ධති සදහා අයදුම්කරන දැනටමත් වහල මත සවිකල සුර්ය බල පද්ධති සදහා

For first 15 years

මුල් වසර 15 සදහා

30.27 + (R1//0.95) R1/
For remainder of the SPPA period

සම්මත විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම් වල ඉතිරි කාලය සදහා

R1/

 

3.     බැටරි ගබඩා පද්ධති සහිත පුනර්ජනනීය බලාගාර සදහා පෝෂක ගාස්තු ක්‍රමය

Type of Power Plant

බලාගාර වර්ගය

Feed in Tariff (LKR/kWh) කිලෝ වොට් පැය 1ට රුපියල්

At Prioritized Feed In Tariff

ප්‍රමුඛතා කාල පෝෂක ගාස්තුව

At Other Periods

සාමාන්‍ය කාල ගාස්තුව

Non Escalable Component

ක්‍රමයෙන් ඉහල නොයන කොටස

Escalable O&M Component

ක්‍රමයෙන් ඉහල යන මෙහෙයුම් හා නඩත්තු කොටස

 

Non Escalable Component

ක්‍රමයෙන් ඉහල නොයන කොටස

Escalable O&M Component

ක්‍රමයෙන් ඉහල යන මෙහෙයුම් හා නඩත්තු කොටස

Ground Mounted Solar PV

භූමිය මත සවිකරන සුර්ය බල පද්ධති

47.08

3.02

18.00

2.72

Floating Solar PV

පාවෙන සුර්ය බල පද්ධති

53.28

4.36

23.58

3.92

 

තවද, 2027 පළමු කාර්තුවේ දී ඇති විය හැකි විදුලි හිඟය වැළැක්වීම සදහා NSO විසින් ප්‍රමාණවත් විදුලි ගබඩා පද්ධති හා පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් විදුලි ජාලයට සම්බන්ධ කල යූතු බවට කොන්දේසියක් ද පනවා ඇත.

වැඩිදුර තොරතුරු සඳහා, ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ – ජයනාත් හේරත් මහතා 077 294 3193 අමතන්න.