
ප්‍රවෘත්ති නිවේදනය
2025 වසරේ ජුනි සිට දෙසැම්බර් කාලය සදහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කල සියයට 18.3ක විදුලි ගාස්තු වැඩීවිමේ යෝජනාව පිළිබද සමාලෝචන සහ මහජන උපදේශන වලින් අනතුරුව ගාස්තු ඉහල දැමීම සියයට 15කට කට සීමා කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කලේ ය. සංශෝධිත ගාස්තු 2025 ජුනි 12 වැනිදා සිට බලාත්මක වේ. 2025 ජනවාරි 18 වැනි දින මෙම වසරේ පළමු ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කල අතර එහිදී සියයට 20කින් විදුලි ගාස්තු අඩු කිරීමට කොමිෂන් සභාව තීරණය කලේ ය. ඒ අනුව වත්මන් ගාස්තු සංශෝධනයත් සමග 2024ට සාපේක්ෂව මෙම වර්ෂය සදහා සමස්ත බලපෑම සියයට 8ක ගාස්තු අඩුවීමකි. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 30 වන වගන්තිය, පිරිවැය නිර්මිත විදුලි ගාස්තු ක්‍රමවේදය(මිල සුත්‍රය) සහ මහජන අදහස් හා යෝජනා සැළකිල්ලට ගැනීමෙන් අනතුරු කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගන්නා ලදී. 2025 ඉදිරි කාලය සදහා විදුලි ගාස්තු සියයට 15කින් ඉහල දැමුවද නව විදුලි ගාස්තු 2025 ජනවාරි 18 ට පෙර පැවති ගාස්තු වලට සාපේක්ෂව තවදුරටත් අඩු මට්ටමක තබා ඇත.
Domestic Bill Comparison
ගෘහස්ත අංශයේ බිල්පත් සංසන්ධනය
Monthly Consmuption (Units) මාසික ඒකක පරිභෝජනය |
මාසික බිල්පත (රු) | % Change from Jan to Jun ජනවාරි ජුනි කාලය තුල වෙනස |
||||
With Tariff Before Jan 18th, 2025 2025 ජනවාරි 18ට පෙර පැවති ගාස්තු ක්‍රමයට අනුව |
After Jan 18th, 2025 Tariff Revision
2025 ජනවාරි 18 ගාස්තු සංශෝධනයෙන් පසුව |
After Jun 12th, 2025 Tariff Revision
2025 ජුනි 12 සංශෝධනයෙන් පසුව |
||||
30 | 280.00 | 195.00 | 215.00 | -23% | ||
60 | 700.00 | 500.00 | 585.00 | -16% | ||
90 | 1,840.00 | 1,480.00 | 1,720.00 | -7% | ||
120 | 3,340.00 | 2,680.00 | 3,040.00 | -9% | ||
150 | 5,100.00 | 4,170.00 | 4,770.00 | -6% | ||
180 | 6,360.00 | 5,160.00 | 6,000.00 | -6% | ||
210 | 8,810.00 | 7,220.00 | 8,430.00 | -4% | ||
240 | 10,760.00 | 8,780.00 | 10,260.00 | -5% | ||
270 | 12,710.00 | 10,340.00 | 12,090.00 | -5% | ||
300 | 14,660.00 | 11,900.00 | 13,920.00 | -5% |
ගෘහස්ත අංශයේ ඒකක 30 වඩා අඩු මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩය සදහා මාසික විදුලි බිල ඉහල යන්නේ රුපියල් 20කින් පමණි. ඒකක 60ක පරිභෝජනය සදහා මාසික බිල්පත රුපියල් 85කින් වැඩි වේ. ඒකක 90ක මාසික පරිභෝජනය සදහා මාසික විදුලි බිල්පත රුපියල් 240කින් ඉහල යයි. ඒකක 120ක පරිභෝජනය සදහා රුපියල් 360කින් ද ඒකක 150ක මාසික පරිභෝජනය සදහා රු. 600කින් ද ඒකක 180ක මාසික පරිභෝජනය සදහා රු. 840කින් ද මාසික බිල්පත ඉහල යන අතර ඒකක 300ක මාසික පරිභෝජනය සැළකු විට සමස්ත බිල්පතෙහි වැඩිවීම රු. 2020කට සීමා වේ.
මාසික පරිභෝජනය | වත්මන් බිල | සංශෝධනයෙන් පසුව | බිල්පතෙහි වෙනස |
30 | 195.00 | 215.00 | 20.00 |
60 | 500.00 | 585.00 | 85.00 |
90 | 1,480.00 | 1,720.00 | 240.00 |
120 | 2,680.00 | 3,040.00 | 360.00 |
150 | 4,170.00 | 4,770.00 | 600.00 |
180 | 5,160.00 | 6,000.00 | 840.00 |
210 | 7,220.00 | 8,430.00 | 1,210.00 |
240 | 8,780.00 | 10,260.00 | 1,480.00 |
270 | 10,340.00 | 12,090.00 | 1,750.00 |
300 | 11,900.00 | 13,920.00 | 2,020.00 |
මාසික පරිභෝජනය ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථාන සහ පුණ්‍යාතන සදහා විදුලි ඒකක මිල මෙන්ම මාසික ස්ථාවර ගාස්තුවද ඉහල නොයයි. ඒ අනුව ඒකක 90ට වඩා අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථාන හා පුණ්‍යාතන සදහා වත්මන් ඒකක මිල වන රුපියල් 4.50ක මිල ඉදිරියේදීත් ක්‍රියාත්මක වේ.. මාසික ගාස්තු රු. 75 සහ 200 වශයෙන් ස්ථාවරව පවතී. ඒකක 90ට වඩා ඉහල මාසික පරිභෝජනයක් ඇති ආගමික ස්ථාන සදහා ගාස්තු වැඩිවීමේ බලපෑම සියයට 12කට සීමා කර ඇති අතර 2024ට සාපේක්ෂව එම කාණ්ඩ සදහා ද තවදුරටත් අඩු විදුලි ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.
Religious & Charitable Consumer Bill Comparison
ආගමික සිද්ධස්ථාන සහ පුණ්‍යාතන වල බිල්පත් සංසන්ධනය |
|||||
Monthly Consmuption (Units) මාසික ඒකක පරිභෝජනය |
Monthly Bill (Rs.)-මාසික බිල්පත (රු) | % Change from Jan to Jun ජනවාරි ජුනි කාලය තුල වෙනස |
|||
With Tariff Before Jan 18th, 2025 2025 ජනවාරි 18ට පෙර පැවති ගාස්තු ක්‍රමයට අනුව |
After Jan 18th, 2025 Tariff Revision
2025 ජනවාරි 18 ගාස්තු සංශෝධනයෙන් පසුව |
After Jun 12th, 2025 Tariff Revision
2025 ජුනි 12 සංශෝධනයෙන් පසුව |
|||
30 | 280.00 | 210.00 | 210.00 | -25% | |
60 | 610.00 | 470.00 | 470.00 | -23% | |
90 | 790.00 | 605.00 | 605.00 | -23% | |
120 | 1,140.00 | 900.00 | 995.00 | -13% | |
150 | 2,640.00 | 2,250.00 | 2,515.00 | -5% | |
180 | 3,240.00 | 2,700.00 | 3,085.00 | -5% | |
210 | 4,540.00 | 3,790.00 | 4,265.00 | -6% | |
240 | 5,440.00 | 4,480.00 | 5,045.00 | -7% | |
270 | 6,340.00 | 5,170.00 | 5,825.00 | -8% | |
300 | 7,240.00 | 5,860.00 | 6,605.00 | -9% |
පොදු කාර්ය පාරිභෝගික කාණ්ඩය සදහා සියයට 14ක ගාස්තු ඉහල දැමීමක් කලද 2024ට සාපේක්ෂව එම අංශය සදහා ශුද්ධ බලපෑම සියයට .5කට සීමා වේ. කර්මාන්ත අංශය සදහා සියයට 15ක ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක කලද 2024ට සාපේක්ෂව ශුද්ධ බලපෑම සියයට 20ක අඩුවීමකි. හෝටල් අංශය සදහා හෙට සිට සියයට 15කින් ගාස්තු ඉහල දැමුවද 2024ට සාපේක්ෂව ශුද්ධ බලපෑම සියයට 19ක අඩුවීමකි. රාජ්‍ය ආයතන සදහා සියයට 16කින් විදුලි ගාස්තු ඉහල යයි.
Industrial, Hotel & General Purpose Consumer Average Rate Comparison | |||||
Consumer Category
පාරිභෝගික කාණ්ඩය |
Average Rate (Rs./kWh) | % Change from Jan to Jun ජනවාරි ජුනි කාලය තුල වෙනස |
|||
With Tariff Before Jan 18th, 2025 2025 ජනවාරි 18ට පෙර පැවති ගාස්තු ක්‍රමයට අනුව |
After Jan 18th, 2025 Tariff Revision
2025 ජනවාරි 18 ගාස්තු සංශෝධනයෙන් පසුව |
After Jun 12th, 2025 Tariff Revision
2025 ජුනි 12 සංශෝධනයෙන් පසුව |
|||
Industry Purpose (I) කර්මාන්ත | 25.67 | 17.87 | 20.55 | -20.0% | |
Hotel Purpose (H) හෝටල් | 25.07 | 17.58 | 20.23 | -19.3% | |
General Purpose (GP) පොදු කාර්ය | 40.19 | 35.39 | 40.37 | 0.5% |
ගාස්තු පිළිබද තීරණය ගැනීමේදී විදුලිබල පනතේ ප්‍රතිපාදන සහ ඒ යටතේ අනුමත කර ඇති මිල සුත්‍රයට අනුකූලව කොමිෂන් සභාව ක්‍රියාකරන අතර මහජන උපදේශනයේදී ඉදිරිපත් වු සියළු සාධනීය යෝජනා සැළකිල්ලට ගන්නා ලදී. මහජන අදහස් හා යෝජනා සම්බන්ධයෙන් කොමිෂන් සභාව ගත් ක්‍රියාමාර්ග පිළිබද විස්තර ප්‍රකාශයට පත්කිරීමට පියවර ගෙන ඇත
වැඩිදුර විස්තර සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් (077 2 943 193) අමතන්න
2025 ජුනි 11