ආරවුල් විසඳීමේ පද්ධතියට ප්‍රවේශ වීම

ලිහිසි තෙල් වෙළදපොල

ලිහිසිතෙල් වෙළඳපොල නිදහස් කිරීම සහ ශ්‍රී ලංකේය ප්‍රමිතිය සැකසීම

ලිහිසිතෙල් වෙළඳපොල නිදහස් කිරීම සහ ශ්‍රී ලංකේය ප්‍රමිතිය සැකසීම
ලිහිසි තෙල් වෙළඳපොල ඇතුළු සමස්ත ඛනිජතෙල් කර්මාන්තය නියාමනය කිරීම සඳහා කොමිෂන් සභාව වෙත බලතල ලබාදෙන පෙට්‍රෝලියම් නිශ්පාදන (විශේෂ ප්‍රතිපාදන) (සංශෝධිත) පනත සහ ලංකා පෙට්‍රෝලියම් සංස්ථා (සංශෝධිත) පනත, යන පනත් සඳහා සංශෝධන සිදුවෙමින් පවතී. එම සංශෝධන බලාත්මක වන තෙක් කොමිෂන් සභාව ඛණිජ තෙල් කර්මාන්තයෙහි ඡායාමාත්‍ර නියාමන සඳහා පැවරී ඇති බලතල අනුව ක්‍රියාත්මක වේ.

1999 දී ලිහිසිතෙල් වෙළඳපොල අර්ධ වශයෙන් නිදහස් කර ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් අවම ශ්‍රී ලංකා ප්‍රමිතිය සකසන තෙක්, රථවාහන ලිහිසි තෙල් සඳහා අවම අන්තර්කාලීන ප්‍රමිතීන් රජය විසින් පනවන ලදී.

අවම අන්තර්කාලීන ප්‍රමිතීන් වලට පදනම් වූයේ ඇමෙරිකානු පෙට්‍රෝලියම් ආයතනය (), ජපන් ඔටෝමොබයිල් ප්‍රමිති සංවිධානය () ආදී අන්තර්ජාතික සංවිධානයන්හි

ලිහිසි තෙල්?

ලිහිසි තෙල් (උදා: එන්ජින් ඔයිල්, ගියර් ඔයිල්, ස්වයංක්‍රීය ලෙස සම්ප්‍රේෂණය වන දියර ආදිය) යනු යන්ත්‍රෝපකරණවල ඇති ප්‍රචලනය වන උපාංග දෙක අතර ඇතිවන ඝෘජු ඝර්ෂණය වලක්වන දියර හෝ අර්ධ දියර ද්‍රව්‍යයක් වේ.

ලිහිසි තෙල් වල කාර්යය?

ලිහිසි තෙල්, එන්ජිමක ඇති ප්‍රචලනය වන උපාංගවල ඝෘජු ඝර්ෂණය වලක්වා එය ගෙවී යෑමෙන් ආරක්ෂා කරයි. එන්ජින් නිෂ්පාදකයා විසින් නිර්දේශ කළ ආකාරයට නිවැරදි ලිහිසි තෙල් වර්ගය භාවිතා නොකළහොත්, එය එන්ජිමට පිරිමැසිය නොහැකි හානි ඇති කරයි.

ඔබගේ වාහනයට යෝග්‍ය නිවැරදි ලිහිසි තෙල් කුමක්ද?

ඔබගේ වාහනයට භාවිතා කළ යුතු නියමිත ප්‍රමිතියෙන් යුත් ලිහිසි තෙල් වර්ගය වාහන නිෂ්පාදකයෝ නිර්දේශ කරති. මෙය සාමාන්‍ය වශයෙන් වාහන අයිතිකරු හට ලැබෙන අත්පොතහි සඳහන් වේ. ඔබ සතුව එවැනි අත් පොතක් නොමැතිනම්, වාහන වර්ගය අලෙවි කරන අදාල නියෝජිත ආයතනයෙන් ඒ බව අසා දැනගත හැකිය.

ඔබගේ වාහනයට ඔබ උසස්/අඩු ප්‍රමිතියෙන් යුත් ලිහිසි තෙල් භාවිතා කළහොත් කුමක් සිදුවන්නෙහිද?

නිර්දේශ කර ඇති ප්‍රමිතියෙන් යුත් ලිහිසි තෙල් වර්ගයට වඩා අඩු ප්‍රමිතියෙන් යුත් ලිහිසි තෙල් එන්ජිමට හානි ඇති කරන හෙයින් කිසිවිටෙකවත් එවැන්නක් භාවිතා නොකළ යුතුය. ඔබගේ වාහනයට අනුමත කර ඇති ලිහිසි තෙල් වර්ගයට වඩා ගුණත්වයෙන් ඉහළ ලිහිසි තෙල් වර්ගයක් භාවිතා කිරීමෙන් වාහනයේ කොටස් ගෙවී යාම අඩුවීම, ඉහළ ඉන්ධන කාර්ක්ෂමතාවක් ඇතිවීම, ලිහිසි තෙල් මාරු කළ යුතු කාල පරිච්ජේදය වැඩිවීම, එන්ජිමේ ආයු කාලය දීර්ඝ වීම වැනි අමතර වාසි ලැබීමට හැකියාව ඇත. සාමාන්‍යයෙන් ඉහළ ගුණත්වයෙන් යුතු ලිහිසි තෙල් සකස් කරනු ලබනුයේ විමෝචන බව අඩු මට්ටමේ පවතින එන්ජින් වල ලිහිසි තෙල් අවශ්‍යතාවයට ගැලපෙන පරිදිය.
භාණ්ඩයේ ගුණත්වය පරිභෝජනය කළ සැනින්ම දැනෙන අනෙකුත් භාණ්ඩ මෙන් නොව බාල ප්‍රමිතියෙන් යුත් ලිහිසි තෙල් භාවිතා කිරීමේ බලපෑම බොහෝ විට එන්ජිමට දැනෙනුයේ බරපතල ලෙස එය හානියට පත්වූ විටය. එබැවින් ඔබගේ වාහනයට නිසි ප්‍රමිතියෙන් යුතු ලිහිසි තෙල් භාවිතා කිරීම ඉතාමත් වැදගත් වේ.

ගැසලීන් එන්ජින් ඔයිල්, ඩීසල් එන්ජින් ඔයිල්, ෆෝස්ට්‍රෝක් මෝටර්සයිකල් එන්ජින් ඔයිල්, ටූ ස්ට්‍රෝක් එන්ජින් ඔයිල්, ස්වයංක්‍රීය ලෙස සම්ප්‍රේෂණය වන දියර සහ ගියර් ඔයිල් වැනි ලිහිසි තෙල් වර්ග සඳහා විවිධ ප්‍රමිතින් තිබේ. ලිහිසි තෙල්වල නියමිත ප්‍රමිතිය ලිහිසි තෙල් භාජනයෙහි සඳහන් වේ.

ලිහිසි තෙල් සඳහා වන ප්‍රමිතින් කුමක්ද?

ඇමෙරිකානු ඛණිජතෙල් ආයතනය (API), ජපන් මොටර් රථ ප්‍රමිති ආයතනය (JASO) සහ පුද්ගලික නිෂ්පන්න උපකරණ නිෂ්පාදන සමාගම වැනි ආයතනයන් විසින් නිකුත් කරන ලද ප්‍රමිතින් මගින් ජාත්‍යන්තර වෙළඳපොළහි ලිහිසි තෙල් වල ගුණත්වය පාලනය කරනු ලැබේ.

මේ අතරතුර ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය API, JASO සහ ප්‍රමිති පරීක්ෂණ සහ තොරතුරු සඳහා වන ඇමෙරිකානු (ASTM) ආයතනයේ ප්‍රමිතින්ට අනුව ලිහිසි තෙල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිතින් සකස් කිරීමේ ක්‍රියාවලියෙහි නිරතව සිටී.

දැනට වලංගු ප්‍රමිතින් පහත සඳහන් වගුවෙහි දක්වේ.

ලිහිසි තෙල් වර්ගය API ප්‍රමිතිය

ගැසලීන් එන්ජින් ඔයිල්

API SJ, API SL, API SM

ඩීසල් එන්ජින් ඔයිල්

API CF, API CF-2, API CG-4, API CH-4, API CL-4, API CJ-4

ටූ – ස්ට්‍රෝක් එන්ජින් ඔයිල්

API TC, JASO FC

ෆෝ – ස්ට්‍රෝක් මෝටර්සයිකල් එන්ජින් ඔයිල්

API SG සහ JASO MA

ස්වයංක්‍රීය ගියර් ඔයිල්

API GL 4

ස්වයංක්‍රීය ලෙස සම්ප්‍රේෂණයවන දියර

Dexron II 2D, Dexron III, Mercon, Allison C 4, JASO M315 type Group 1

API – අමෙරිකානු ඛණිජතෙල් ආයතනය
JASO – ජපාන ඔටොමොබයිල් ප්‍රමිති සංවීධානය
DEXRON – ජෙනරල් මෝටර්ස් ඉන්ටර්නැෂනල් විසින් දියුණු කළ ප්‍රමිතීන්
MERCON – ෆෝඩ් මෝටර් රථ සමාගම විසින් දියුණු කළ ප්‍රමිතීන්
ALLISON – ඇලිසන් ට්‍රාන්ස්මිෂන් සමාගම දියුණු කළ ප්‍රමිතීන්
NLGI – අමෙරිකානු ජාතික ලිහිසි තෙල් හා ග්‍රීස් ආයතනය

1961 වර්ෂයේ අංක 28 දරණ ඛණිජතෙල් නීතිගත සංස්ථා පනතේ හා 2002 වර්ෂයේ අංක 33 දරණ ඛණිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනතේ ප්‍රතිපාදනයන් යටතේ ලිහිසි තෙල් වෙළඳපොළ නියාමනය කරනු ලැබේ.

ලිහිසි තෙල් සහ ග්‍රීස් ආනයනය හා අපනයනය කිරීම, මිශ්‍රණය කිරීම, නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම, සැපයීම හා බෙදා හැරීම සඳහා රජයෙන් නියමිත අවසරය ලබා ගැනීම අවශ්‍ය වේ.

බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන වෙළඳපොළට පිවිසීම වළක්වාලීම තහවුරු කිරීමට නිසි තාක්ෂණික දැනුම හා ප්‍රමාණවත් මූල්‍ය ශක්තිය ඇති සුදුසුකම් ලත් පාර්ශවයන්ට පමණක් මෙ‍ම අවසරය ලබා දෙනු ලැබේ.

එම නිසා, ලිහිසි තෙල් භාවිතා කරන විට, අවසර ලත් පාර්ශවයන් විසින් නිෂ්පාදනය කරන ලද සහ අලෙවි කරන ලද ලිහිසි තෙල් පමණක් තෝරා ගත යුතුය.

වර්ගය/වර්ග නියෝජිත ආයතනය නියෝජිත ආයතනය සමඟ සම්බන්ධ විය හැකි මාර්ග


(බීපී, කැස්ට්‍රෝල්)

ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්) සමාගම

දු.ක: 011-2309389
ඊ-මේල්: bpcastrol@amwltd.com


(හයිරැක්ස්)

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව

දු.ක: 011-5663314, 077-2932815
ඊ-මේල්: krishantha@ceypetco.gov.lk


(මොටුල්)

සීඑච් ඉංජිනියරිං (පෞද්) සමාගම

දු.ක: 011-4343744
ඊ-මේල්: nadun@dynamic.lk





(Caltex, Chevron, Texaco, Lanka Lubricants)

(කැල්ටෙක්ස්, චෙව්රොන්, ටෙක්ෂාකො ලංකා ලුබ්රිකන්ට්ස්)

දු.ක: 011-2370470 (toll free)
ඊ-මේල්:contactus@chevron.com


(ග්‍රේට්වෝල්)

ඉන්ටර්ඕෂන් සර්විසස් සමාගම

දු.ක : 011-4799100
ඊ-මේල්: lubes@interocean.lk

(සර්වෝ)

ලංකා අයිඕසී පීඑල්සී

දු.ක: 011-2475420
ඊ-මේල්: lankaioc@lankaioc.com


(ලාෆ්ස් ඔයිල්)

ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් සමාගම

දු.ක: 011-5661421, 077-3022075
ඊ-මේල්: nalakam@laugfs.lk




(එක්ෂොන්,මොබිල්,එසෝ මොබිල්)

මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් සමාගම

දු.ක: 011-4799155
ඊ-මේල්: secretariat@mclarenslubes.lk


(ෂෙල්)

එන්එම් ඩිස්ට්‍රබියුටර්ස් (පෞද්) සමාගම

Tel: 011-5740681, 077-7270993
ඊ-මේල්: nmdist@sltnet.lk


(එල්ෆ්, ටෝටල් )

නවලෝක ඒබීසී ඛණිජතෙල් (පෞද්) සමාගම

දු.ක: 011-2937937/38, 077-2442578
ඊ-මේල්: sabtotal@ashfordint.net


(ටොයෝටා)

ටොයෝටා ලංකා (පෞද්) සමාගම

දු.ක: 011-2939000, 011-2941561
ඊ-මේල්: tgmo_info@toyota.lk


(මැක්)

ටීවීඑස් ලංකා (පෞද්) සමාගම

දු.ක: 011-4797200
ඊ-මේල්:info@tvsauto.lk


(වැල්වෝලයින්)

යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගම

දු.ක: 011-4797278, 011-4797200,077-7874569
ඊ-මේල්: priyanthae@unitedmotors.lk


(ගල්ෆ්)

වෙස්ටර්න් ඔටෝ ලංකා (පෞද්) සමාගම

දු.ක: 077-2015795
ඊ-මේල්: gulf@westernautolk.com